29 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

යාපනය පුන්කන්කුලම් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සවස යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් අදාළ තරුණිය මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියගේ දේහය යාපනය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඇය දුම්රියට පැන සිය දිවි නසා ගත්තේ ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.