22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපවතින වියළි කාළගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග පැතිරීමේ අවධානමක්

පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග පැතිරීමේ අවධානමක්

පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු අවධාරණය කරනවා.

කොළඹ රිර්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ විජලනය වැනි රෝගී තත්ත්වයන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි.

එබැවින් ළමුන්ට වැඩි වශයෙන් දියර ආහාර පානය කිරීමට ලබාදිය යුතු බවයි ඔහු කියාසිටියේ.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද ළමුන් අතර පැතිර යා හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.