23.4 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුවෙකුගේ ගෙළ කපා බෑගය පැහැරගෙන – බරපතල තුවාල ලැබූ සිසුවා ජාතික...

පාසල් සිසුවෙකුගේ ගෙළ කපා බෑගය පැහැරගෙන – බරපතල තුවාල ලැබූ සිසුවා ජාතික රෝහලේ

උපකාරක පංතියකට සහභාගී වීමට යමින් සිටි පාසල් සිසුවෙකුගේ ගෙළ කපා ඔහුගේ බෑගය පැහැරගෙන පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

බස් රථයකින් මීරිගම බස් නැවතුම්පළට පැමිණ ඇති සිසුවා තවත් සිසුවෙකු සමඟ දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට ගමන් කරමින් සිටිය දී අද (06) මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ සිසුවා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර සිසුවාගෙන් පැහැරගත් බෑගය ලඳු කැලෑවක දමා ගොස් තිබිය දී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.