― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරෝහලේ ආපනශාලාවෙන් ගත් චොක්ලට් එකක මිනිස් ඇඟිල්ලක්

රෝහලේ ආපනශාලාවෙන් ගත් චොක්ලට් එකක මිනිස් ඇඟිල්ලක්

මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් (05) දින මිලදිගත් චොක්ලට් එකක් තුල තිබි මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවු බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියක විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ තමා අද (05) දහවල් ආපන ශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබි මිනිස් ඇඟිලි කොටසක් හමු වු බවටයි.

රෝහල කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් පසුගිය 03 වනදා මෙම චොක්ලට් එක මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස, ශීතකරණයේ තබා තිබූ බව සඳහන්.

ඊයේ එහි ඉතිරි කොටස ආහාරයට ගත් අවස්ථාවේ හැපීමට අපහසු යමක් හසුවී ඇති අතර අදාළ චොක්ලට් එක ගෘට් ඇන්ඩ් නට් වර්ගයේ එකක් නිසා එම ආහාර කොටසක් විය හැයි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී ද එය කැබලි නොවීම හේතුවෙන් එම කොටස ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේදී දැක ඇත්තේ එය මිනිස් ඇඟිල්ලක කොටසක් බවටයි.

පසුව මෙම රෝහල් සේවිකාවට ඇයට ඇති වූ අප්‍රසන්න හැඟීම හේතුවෙන් වමනය ද සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වනේ.

ඇයගේ කෑ ගැසීම අනුව මෙම සේවිකාවගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබඳ විමසා රෝහල් වෛද්‍ය අධිකාරිවරයා මාර්ගයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වී තිබෙනවා.

සිදු කළ පරීක්ෂණයකදී එය නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ඇඟිලි කොටස සහ එය තිබු බව කියන චොකලට් පැකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ලබන සඳුදා (07) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතයි.

මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහන් සමරවීර මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි චාමින්ද රත්නායක මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කණ්ඩායම විසින් මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.