27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලංගම රියැදුරන් කරන වැරදි දැනුම්දීමට විශේෂ ඇප් එකක්

ලංගම රියැදුරන් කරන වැරදි දැනුම්දීමට විශේෂ ඇප් එකක්

රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

ඒ හරහා රියැදුරන් සිදුකරන වැරදි මගීන්ට සෘජුවම ඉදිරිපත් කළ හැකි බවයි එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ.

තවද ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීම සඳහා රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වාදීමට ද තීරණය කර තිබේ. ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි ලංගම පරීක්ෂකවරුන්ට සලකුණු කළ හැකියි.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 218ක් පමණ සිදුව තිබේ. 

එහිදී පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ ය.