27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහඳුනා නොගත් උණ රෝගයකින් 13 හැවිරිදි දරුවෙක් මිය ගිහින්

හඳුනා නොගත් උණ රෝගයකින් 13 හැවිරිදි දරුවෙක් මිය ගිහින්

අද(06) අලුයම උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් දරුවෙක් මියගොස් තිබෙනවා.

අවුරුදු දහතුනක් වන බ්දුල් අසීස් නම් දරුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා. 

“මීට දින දෙකකට පමණ පෙර ඔලුවෙ කැක්කුමක් එක්ක උණ රෝගී තත්වයක් ඇති උනා . උණ වරින් වර අඩු උනා වැඩි උනා . පස්සෙ ඊයේ(05 )  රාත්‍රී මගේ පුතා තද නින්දකට වැටුනා . මේ අසාමාන්‍ය තත්වය නිසා රාත්‍රී 10.30 ට විතර මීගමුව මහ රෝහලට අපි පුතාව ඇතුළත් කළා .එහිදී පුතාව දැඩි සත්කාර ඒකකයට යොමු කළා .ඒකෙ වෛද්‍යවරුන් ලොකු උත්සාහයක් ගත්තා . පුතා රාත්‍රී ගත් ආහාර පවා එළියට ගත්තා . නමුත් පුතාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබුණා .  අද(06) අලුයම 12.20 ට මගේ පුතා මිය ගියා.” යනුවෙන් දරුවාගේ මරණය පිළිබදව පියා අදහස් දැක්වූවා.

දරුවාගේ දේහය මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.