ඉන්දියානු ජාතික යතුරුපැදි ධාවන ශූරතාවලියේ දී සිදුවූ අනතුරකින් 13 හැවිරිදි ධාවකයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චෙන්නායි හි මදුරාසි ජාත්‍යන්තර ධාවන පථයේදී ඊයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රේයස් හරීෂ් නැමැති ක්‍රීඩකයෙක්.
මේ හේතුවෙන් තරගාවලියේ ඊයේ සහ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි තරග සියල්ල අවලංගු කිරීමටයි තරග සංවිධායකින් වන මදුරාසි මෝටර් රථ ක්‍රීඩා සමාජය තීරණය කළේ.
මෙම කුඩා ක්‍රීඩකයා සහභාගී වූ තරගයේ පළමු වටයේ නැම්මක් ගැනීමට යාමේ දී යතුරුපැදිය ලිස්සා ගොස් අනතුරට ලක්ව ඇති අතර, එහිදී මෙම ක්‍රීඩකයාගේ හිස්වැස්ම ගැල වී ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ දී පිටුපසින් පැමිණි ක්‍රීඩකයාට තම යතුරුපැදිය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්ව සිටි 13 හැවිරිදි ශ්‍රේයස් මතින් ධාවනය වී ඇති බවයි වාර්තා වුණේ.
එහිදී ශ්රේයස්ගේ හිසට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය මාසයේ සිය 13 වැනි උපන්දිනය සැමරූ ශ්‍රේයස් නවක ක්‍රීඩකයින් කාණ්ඩයේ තරගවල දී පිට පිට තරග හතරක් ඇතුළුව ජාතික මට්ටමේ තරග කිහිපයක් ම ජයග්‍රහණය කර තිබූ ධාවකයෙක් බව සඳහන්.
මෙම ලාබාළ ක්‍රීඩකයා මේ මාසයේ මැලේසියාවේ පැවැත්වෙන MSBK ශූරතාවලි තරගාවලිය ද (250cc කාණ්ඩය) නියෝජනය කිරීමට නියමිතව සිටි බව වාර්තා වනවා.