26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධික උණුසුමෙන් දරුවන් රැක ගන්නැයි දැනුම්දීමක්

අධික උණුසුමෙන් දරුවන් රැක ගන්නැයි දැනුම්දීමක්

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය සමඟ දරුවන් අතර රෝග පැතිර යෑමේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වෛද්‍යාවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මවුපියන් දරුවන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවත් දරුවන්ට නිතර ජලය පානය කිරීමට දීම, නිතර දරුවන් ඇඟ සේදීම, නෑවීම ද කළ යුතු අතර ජලය සමඟ නිතර දරුවන් තබා ගැනීමද වැදගත් බවයි.

එමෙන්ම දරුවන්ට අව්වේ සෙල්ලම් කිරීමට ඉඩ දීම සහ අධික වෙහෙසට පත් කිරීම නොකළ යුතු බවත් පාසල තුළදී පිට්ටනියේ සෙල්ලම් කිරීමට යැවීමේදී ඒ සඳහා අඩු කාල වේලාවක් තබා ගත යුතු බවත් වෛද්‍යවරයා අවදාරණය කළේය.