කාන්තාවක් සමඟ නිවසක් තුළ ලිංගිකව හැසිරෙමින් සිටියදී එම කාන්තාවගේ සැමියා එල්ල කළ කඩු පහරකින් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා තිබේ.
පොලිස් මූලස්ථානය විසින් අදළ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ ගාල්ල ඒකකයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා දීර්ඝ කාලයක සිට මෙම අනියම් සම්බන්ධතාව පවත්වා ඇති බවයි.
පොලිස් විශේෂ කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.