22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකඳාන ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට

කඳාන ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට

කඳාන පොලිස් වසමේ පියෝ මාවතේ පිහිටි නිවසකට පසුගිය (04) වැනිදා උදෑසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඳාන, ෆාතිමා මාවත ප්‍රදේශයේ ඊයේ (06) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 350ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. මොහු මේ වනවිට විදේශගතව සැඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රසික චමෝද් නොහොත් චූටි මල්ලී යන අන්වර්ථ නාමයෙන් හඳුවන්වන පුද්ගලයාගේ සමීපතමයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය 04 වනදා උදෑසන 6.10ට පමණ කඳාන, පියෝ මාවත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ඨ්56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර තිබුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර වෙඩි තැබීම සිදුකරන ආකාරය අසළ තිබූ ආරක්‍ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් එකක් වන අතර සැකකරුවන් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති වූ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පසුව අනාවරණය වුණේ.