32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකලම්බෝ ස්ට්‍රයිකර්ස්ට ලකුණු 189ක ඉලක්කයක්

කලම්බෝ ස්ට්‍රයිකර්ස්ට ලකුණු 189ක ඉලක්කයක්

මේ වනවිට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 188ක් රැස්කර ගැනීමට සමත් විය.

ගෝල් කණ්ඩායමේ ටිම් සෙයිෆර්ට් දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ද සමඟින් නොදැවී ලකුණු 54ක් රැස්කර ගත් අතර ෂෙවෝන් ඩැනියල් පන්දු 31කදී ලකුණු 49ක් රැස්කර ගැනීමට සමත් විය.

ලසිත් කෲස්පුල්ලේ පන්දු 19කදී වේගවත් ලකුණු 36ක් රැස්කර ගත් අතර භානුක රාජපක්ෂ පන්දු 31කදී ලකුණු 30ක් ලබා ගත්තේය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 189ක් රැස්කර ගත යුතු වේ.