― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවිතැනට ජලය සැපයීමට රුපියල් මිලියන 3000ක්

කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවිතැනට ජලය සැපයීමට රුපියල් මිලියන 3000ක්

දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවි තැනට අවශ්‍ය ජලය ලබා දීම සඳහා සකස් කිරීමට රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් මෙම වසර සඳහා අනුමත කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නාවුල පිළීහුඩුගොල්ල පුරාණ වැව රුපියල් 48,26,844ක මුදලින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මහජන අයිතියට පත් කිරීම (05) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අවස්ථාවේ මෙසේ පැවසීය.

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3000කි. දිවයින පුරා ඇති වැව් 200ක් මෙම වැඩ පිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසර තුළ සිදු කිරීමට නියමිතය.

මෙහිදී ගොවි ජනතාව ඇමතූ අමාත්‍යවරයා ලබන මහ කන්නයේ දී වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට කිසියම් හෝ රසායනික පොහොරක් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම තවත් එක් පොහොර විශේෂයක තවදුරටත් මිල අඩු කර ලබා දීමට පියවර ගන්නා බවත්, රජය පොහොර සැපයීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව ගොවි ජනතාවට තම අභිමතය පරිදි පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ අනුව ගොවීන්ට තමන් කැමැති පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් මිල දී ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය පොහොර මිල අඩු කිරීම නිසා පුද්ගලික අංශයට ද පොහොර මිල අඩු කිරීමට සිදු විය. එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් බන්ඩි පොහොර භාවිතා කළේ අඩුවෙනි. රජය විසින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දුන් මුදල්වලින් ගොවීන් බහුතරයක් මිල දී ගෙන තිබෙන්නේ යුරියා පොහොර පමණි. යුරියා ගොයම් ගසේ වර්ධනයට හේතුවන නමුත් ගොයම් කරළ් සාරවත්වීමට නම් බන්ඩි පොහොර අනිවාර්යයෙන් යෙදිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.