25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලවිල මංගල්‍යයට පැමිණි අයෙක් කූඩාරම තුළ ජීවිතක්ෂයට

තලවිල මංගල්‍යයට පැමිණි අයෙක් කූඩාරම තුළ ජීවිතක්ෂයට

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා පැමිණ කූඩාරමක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (06) රාත්‍රීයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 44 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔහු පවුලේ ඥාතීන් සමඟ තලවිල දේවස්ථාන භූමියට පැමිණ තිබුණේ ඉකුත් තුන් වනදා බවයි වාර්තා වුණේ. කොළඹ 14, දුම්රිය පටුමඟ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.