දිස්ත්‍රික්ක 05ක පුද්ගලයන් 89,000ක් පානීය ජල අර්බුදය නිසා පීඩාවට පත්ව
තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඹුල්පේ සහ වැලිගෙපොළ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කින්නියා, සේරුවිල, කුච්චවේලි, වෙරුගල්, මුතූර් සම ගෝමරන්කඩවල, පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව, බමුණාකොටුව, යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මුරුතැන්කේරි, චෙන්කර්නි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවෝ මෙලෙස පානීය ජල අර්බුදයට මුහුණ පා සිටින බවයි.
එමෙන්ම රත්නපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 27,883කට අයත් පිරිසක් මෙලෙස පානීය ජල අර්බුදයට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.