― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalනාමල්ගේ විදුලි බිල පිටුපස තියෙන්නේ රාජපක්ෂවරුන්ට මඩ ගැසීමක්

නාමල්ගේ විදුලි බිල පිටුපස තියෙන්නේ රාජපක්ෂවරුන්ට මඩ ගැසීමක්

නාමල් රාජපක්ෂගේ විදුලි බිල අයකර ගැනීමට වඩා එතැන ඇත්තේ රාජපක්‍ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකදීය.

නාමල් රාජපක්‍ෂට සමාජයේ කතාබහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමැති බවත්
එම විදුලි බිල්පත හිඟන්නාගේ තුවාලය මෙන් පාර පාර සිටීම පිටුපස සැගවූ කරුණක් ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විදුලිබල මණ්ඩලයෙන් ලිපියට පිළිතුරු ලද වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගෙවීමක් කිරීමට තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් නාමල් රාජපක්‍ෂ දිගින් දිගටම ඉල්ලා ඇතත් මේ වන තෙක් නිකුත් කර නොමැති බවයි.