25 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපහතරට එළවළු මිල පහළට

පහතරට එළවළු මිල පහළට

පහතරට එළවළු තොග මිල 100% කින් පහළ ගොස් ඇති බව තොග වෙළෙන්ඳන් පවසති.

දඹුල්ල තොග වෙළෙඳපොළට පහතරට එළවළු තොග සැපයුම ඉහළ ගිය බවත් ඒ අනුව පහතරට කොළ බීට් කිලෝවක් රුපියල් 75ත් 80ත්, රාබු කිලෝවක් 35ත් 40ත්, නෝකෝල් කිලෝවක් 35ත් 40ත්, කැකිරි කිලෝවක් 40ත් 45ත්, පිපිඤ්ඤා කිලෝවක් 50ත් 55ත්, වැටකොළු කිලෝවක් 90ත් 100ත්, බණ්ඩක්කා සහ පතෝල කිලෝවක් 75ත් 80ත්, කෙසෙල් මුව කිලෝවක් 80ත් 100ත් අතර තොග මිලකට අලෙවි වූ බවත් ඔවුන් සඳහන් කළේය.

එමෙන්ම ගෝවා, බෝංචි, ලීක්ස්, කැරට්, කොළ බීට් ඇතුළු උඩරට එළවළුවල තොග මිල ගෙවුණු සතියේ මිලට සමානව අලෙවි කර ඇති අතර පහතරට එළවළු සඳහා ඉහළ ඉල්ලුමක් පැවැතීම මෙලෙස මිල පහළ යාමට ඊට හේතුව බවත් ඔවුන් පැවැසූහ.