25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ රැසකට පැය 15ක ජල කප්පාදුවක්

ප්‍රදේශ රැසකට පැය 15ක ජල කප්පාදුවක්

අනිද්දා (09) දිනයේදී ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදු කරනුයේ.

ඒ අනුව පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ බෙන්තොට යන ප්‍රදේශවලට අමතරව පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශවලට ද මෙලස ජල සැපයුම අත්හිටුවනවා.