30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවියකට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

පාසල් සිසුවියකට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

13 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කළ පාසල් ගුරුවරයෙක් වට්ටුක්කෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ගුරුවරයා විසින් යාපනයේ අනලතිව් ප්‍රදේශයේ පාසලක 13 හැවිරිදි සිසුවියක් දූෂණය කොට පලා ගොස් ඇති බවට මෙම ශිෂ්‍යාවගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර ඇත.

දෙමව්පියන් විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය ජුලි 31 වැණිදා මෙම ශිෂ්‍යාව දූෂණය කිරිමෙන් පසුව ඔහු සැගව සිටී ඇති බවත් එම පාසලේ සෙසු ගුරුවරුන් ඔහුට ආරක්ෂාව හා සහය ලබා දුන් බවත් පවසමිනි.

මෙම දැරිය අදාළ ගුරුවරයාගේම උපකාර පන්තියට සහභාගී වී ආපසු නිවසට පැමිණෙමින් සිටියදීයි මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ.

වට්ටුක්කෝට්ටේ පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 05ක පුද්ගල ඇපයක් මත නිදහස් කර තිබේ.