26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 75ක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

මිලියන 75ක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 227ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ බෑග් 8ක කිලෝග්‍රෑම් 227 ග්‍රෑම් 915ක් පමණ බරැති කේරළ ගංජා අසුරන 105ක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 75කි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වට්ටුක්කෝට්ටෙයි පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.