කහතුඩුව ප්රදේශයේ යකඩ කම්හලක සිදුවූ අනතුරකින් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයින් 07 දෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
කහතුඩුව පොලිසිය පැවසුවේ යකඩ උණුකරන බොයිලේරුවේ උණු කළ යකඩ පිටතට විසිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.