නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳව තක්සේරු කිරීම ආරම්භ කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.
මේ අතර පසුගිය වසරේදී රුපියල් රුපියල් බිලියන 1.75 ක් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලෙස ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ. අනුරාධපුර, ඉපලෝගම, කටුවැල්ලාගම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භාකරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර,
“මෙම වසරේදී වන්දි කොච්චර ගෙවන්න වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. නමුත් කොතරම් අමාරු වුණත්, රජය කොතරම් මුල්‍ය දුෂ්කරතාවක හිටියත්ල අපි ගොවිජනතාව ගොවිතැනට ගිහින් හානියක් වුණොත් ඒ සඳහා වන්දියක් ලබාදෙන්න සිද්ධ වෙනවා. වන්දියක් ප්‍රමාණවත් වෙන්නේ නැති බව ඇත්ත, අපි දන්නවා ගොවිජනතාවගේ බලාපොරොත්තුව කිසිම තැනක වගා හානි වුණාම, වතුර නැති වුණාම වන්දියක් අරගෙන පැත්තකට වෙන්න නෙමෙයි, එයාලට අවශ්‍යය අස්වැන්න නෙලාගන්න. මේ පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමින් ඉන්නවා.සහල් අතිරික්තයක් බලාපොරොත්තු වුණ අපිට දැන් සහල් හිඟයක් එයි කියලා සැකයක් මතු වෙලා තියෙනවා.එය කළමණාකරණය කරගන්න අවශ්‍යය පියවර අපි දැනටමත් ගන්නවා. සත්ත්ව ආහාර සඳහා පහුගිය කාළයේම දුන්නේ. හාල්, බියර් හදන්නත් දුන්නා. අපේ ගොවීන් වැඩිපුර නිෂ්පාදනය කරපු නිසා, දැන් අපි ඒවා නතර කරනවා. එතකොට යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒකත් එක්ක මේක කළමණාකරනය කරගන්න හැකිවෙයි. ඒ නිසා ගොවිජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තැනක කන්න පුලුවන් දේවල් අපි වගා කරමු.”