25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවව්නියාව බන්ධනාගාරයේ සංචරණ සීමා ඉවතට

වව්නියාව බන්ධනාගාරයේ සංචරණ සීමා ඉවතට

වව්නියාව බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙනුයි මෙලෙස වවුනියාව බන්ධනාගාරය තුළ සංචරණය සඳහා සීමා පනවනු ලැබුවේ.

පසුගිය මස 25 වැනිදා සිට සති දෙකක කාලයක් සඳහා පනවා තිබූ සංචරණ සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතය.

වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර ඇත්තේ මේ වනවිට වවුනියාව බන්ධනාගාරය සංචරණයට සුදුසු මට්ටමේ පවස්තින බවයි.