යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඒ අනුව සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්වි වාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීමට නියමිත අතර නියමිත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා දිවයිනේ අඛණ්ඩව විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
කෙසේනමුත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා දැනුම් දී තිබුණේ විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇති බවයි.