28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිල්පත්තුවේ සතුන්ටත් ජල හිඟයක්

විල්පත්තුවේ සතුන්ටත් ජල හිඟයක්

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සතුන්ගේ ජල අවශ්‍යතාවට මරු පහරක් එල්ල වී ඇති බව විල්පත්තුව ජාතික වන උද්‍යානයේ භාරකාර සුරංග රත්නායක පවසයි.

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ විල් සහ තටාක ප්‍රමාණය 106 කට ආසන්න ප්‍රමාණයක් ඇති නමුත් අධික උෂ්ණා කාලගුණය හේතුවෙන් ඒවා සියල්ලම පාහේ සිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් විල්පත්තුව වනෝද්‍යානයේ සතුන් මහත් දුෂ්කරතාවයකට මුහුණ පා තිබේ.