28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයෙක්ගෙන් විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්

ශ්‍රී ලාංකිකයෙක්ගෙන් විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්

මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යාවශ්‍ය වන මිල අධික අමුද්‍රවයක් වෙනුවට භාවිතයට ගත හැකි හරක් ඇටකටුවලින් නිෂ්පාදනය Bone graft material විශේෂයක් නිපදවීමට ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස සමත් වී තිබෙනවා.

ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ව්‍යවසායකු ලෙස ඔහු කටයුතු කරනවා. නවසීලන්තයේ ඔටාගෝ, විශ්ව විද්‍යාලය සමග සහයෝගයෙන් මෙම පර්යේෂණය සිදු කර තිබෙන අතර සාමාන්‍යෙයන් අස්ථි බද්ධ කිරීම සඳහා භාවිතයට ගැනෙන ආනයනික අමුද්‍රව්‍ය මිල අධික වන අතර හරක් කටුවලින් නිපදවන මෙම Bone graft material දැරිය හැකි මිලකට නිපදවිය හැකි බවයි ඔහු පවසන්නේ.

නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම KDU සමඟ සමීප සහයෝගීතාවයෙන් නිපදවු මෙම නව නිශ්පාදනයේදී (Prion) නමැති අහිතකර ප්‍රෝටීනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහතිකවම සිදුකර ඇති බව පැවසීය. අතීතයේ ගවයන්ගෙන් ලබාගත් අස්ථි භාවිතා කර අමුද්‍රව්‍ය නිපදවීමේදී හරක් කටුවල ඇති (Prion) නමැති අහිතකර ප්‍රෝටීනය මිනිස් ශරිරයට සම්ප්‍රේෂණය වී ස්නායු විකෘතිතා ඇති වීම ගැටලුවක්ව පැවති බව මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස පැවසීය.

මෙම නව නිෂ්පාදනය තුළින් විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් ඇතිකළ හැකි බවත් ඉදිරියේදී මෙම අමුද්‍රව්‍ය අස්ථි බද්දයකට භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්යවරයා පැවසුවේ.