29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'සරිගමප' විනිසුරන් මවිතයට පත් කළ වතුකරයේ පුංචි අසානි

‘සරිගමප’ විනිසුරන් මවිතයට පත් කළ වතුකරයේ පුංචි අසානි

ශ්‍රී ලාංකික වතුකරයේ දැරියක් වන අසානි ඉන්දීය පෞද්ගලික දෙමළ රූපවාහිනියේ Zee tamil නාලිකාවේ විකාශය වන ‘සරිගමප’ වැඩසටහනට සහභාගී වී ඇත.

මහනුවර පුස්සැල්ලාව ප්‍රදේශයේ දිවි ගෙවන කනගරාජ් අසානි නම් මෙම දැරිය ඊයේ (06) ‘සරිගමප’ වැඩසටහනේදී ගීත ගායනා කළාය.

එහිදී විනිසුරුවන් ඇයගේ ගායන හැකියාව ගැන මවිතයට පත් වූ අතර ඇයට අඛණ්ඩව සති දෙකක් ගායන කුසලතා දැක්වීමට අවසර දී තිබේ.

අසානි දැරිය ‘රාසාවේ උන්න නම්බි ඔරු රෝසාපූ’ ගීතය මහත් අපූරුවට ගායනා කළ අතර පුදුමයට කරුණ නම් ඇය විධිමත් සංගීත පුහුණුවක් නොලබා තිබීමයි.

කෙසේනමුත් ඇය මහත් ආත්මවිශ්වාසයෙන් යුක්තව එහිදී තම ගීතය ගායනා කර තිබුණා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අසානි දැරිය කියා සිටියේ කුඩා කල සිටම ගුවන්විදුලියෙන් විකාශය වන ගීත අසා පමණක් ගායනයට ඉගෙන ගත් බවත් ගී ගැයීමට පෙළඹවූයේ දෙමාපියන් බවත්ය.

තම ජනතාව වෙනුවෙන් ගී ගයන්නටත් තම දෙමාපියන්ගේ ආශාවන් ඉටු කිරීමටත් තමාට සාගරය තරණය කිරීමට අවශ්‍ය වූ බව අසනි කඳුළු සලමින් පැවසුවාය.

එහිදී අසානිගේ දස්කම් නැරඹීමට පැමිණි සැවොම අසුන්වලින් නැගිට ඇයට උණුසුම් පිළිගැනීමක් දුන්නේය.

අසනි ඉදිරි සති කිහිපය තුළත් ඇයගේ දක්ෂතා පෙන්විය හොත් ඇයට සරිගමප වැඩසටහන තුළ දිගටම ගීත ගායනයට ඉඩ ලබා දීමට විනිසුරුවන් තීරණය කරනු ඇතැයි කවුරුත් අපේක්ෂා කරති.