28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොර විදේශ රැකියා ඒජන්සියක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගනී

හොර විදේශ රැකියා ඒජන්සියක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගනී

බදුල්ල ධර්මදූත විද්‍යාලයට නුදුරින් අතුරු මාර්ගයක තට්ටු ගොඩනැගිල්ලක පළමු මහලේ කාමරයක පවත්වාගෙන ගිය නිති විරෝධි විදේශ රැකියා ආයතනයක් ඊයේ සවස වැටලූ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරි කන්ඩායමක් විසින් එය පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී මෙම කාර්යලය පවත්ගෙන ගොස් ඇතැයි විමර්ශන වලදි අනාවරණය වී තිබේ.

58 හැවිරිදි සැකකරු මඩකලපුව කල්අඩි පදිංචි කරුවෙක් වන අතර බදුල්ල කයිලගොඩ තාවකාලික ලිපිනයේ පදිංචිවි මෙම එජන්සිය පවත්වාගෙන ගොස් ඇතැයි විමර්ශන නිලධාරිහු පැවසූහ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල කාර්යාලයට ලැබුණ පැමිණිල්ලක අනුව මෙම වැටලීම සිදුකර ඇත .ඔහු ලග තිබී ඩුබායි ජපානය කටාර් ප්‍රංශය ඇතුළු රටවල් ගනනාවක විදේශ රැකියා ලබාදිමට පො‍රොන්දුවී ලබාගත් ලිපිලේඛනද සොයාගත් බව විමර්ශන නිලධාරිහු පවසති.