26.1 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅග්බෝට ප්‍රතිකාර කිරීමට පිටරට දොස්තරලා ලංකාවට

අග්බෝට ප්‍රතිකාර කිරීමට පිටරට දොස්තරලා ලංකාවට

රෝගාතුර වූ අග්බෝ නම් ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් පිරිසක් විදේශ රටක සිට පැමිණීමට නියමිතය.

අනුරාධපුර වනජීවී කලාපයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල ලබා මාස 3ක පමණ කාලයක සිට අග්බෝ හස්තියා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

අලියාට මෙතෙක් ලබාදුන් ප්‍රතිකාර සාර්ථක නොවීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා විදේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර මත විශ්වාසය තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.