― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඑකම පවුලේ පිරිසක් ගිය ත්‍රීරෝද රථයක් දැවැන්ත ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගිය ත්‍රීරෝද රථයක් දැවැන්ත ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවෙක් ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ බරපතල තුවාල ලැබූ ඔවුන් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇති බවයි.

අද පස්වරු 3ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ මස්කෙලිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේදී යි.

මස්කෙලිය සිට නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් දක්වා එකම පවුලේ පිරිසක් ගිය ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට පත් වී තිබෙනවා.

තුවාලකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්.

ඔවුන් මාරතැන්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට පැමිණ එම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන නිවසට අවශ්‍ය ද්‍රව්‍ය මස්කෙලිය නගරයෙන් මිල දී ගෙන ආපසු ටෙබර්ටන් දක්වා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තුවාලකරුවන් අතර අවුරුදු 03ක කුඩා ළමයෙකු ද සිටින බවත්, අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි පොලිසිය කියා සිටියේ.