27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්ටේනරයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක්

කන්ටේනරයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක්

අද (09) උදෑසන මීරිගම පොලිස් වසමේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක කන්ටේනර් රථයක් ගැටී තිබුණා.

මෙම කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී කන්ටේනර් රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසුවා.

කන්ටේනර් රථයේ රියදුරු එම අවස්ථාවේ දී රථය දමා බැස ඇති බවත් තුවාලකරුවන් කිසිවෙක් නොමැති බවත් පොලීසිය සඳහන් කරනවා.

මාර්ගය අවහිර වීම නිසා එම ප්‍රදේශයේ මේ වනවිට වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.