26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාසල්රී ජලාශයේ ජල මට්ටම පහළට

කාසල්රී ජලාශයේ ජල මට්ටම පහළට

මධ්‍යම කදුකරයේ පවතින ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම 09වන දින උදෑසන වන විට පිටාර මට්ටමට අඩි 29යි අගල් 08ක් පහලින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියද එම වැසි තත්වයන් නතර විමත් සමඟ මෙම ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් මෙසේ පහළ බැස ඇති බවත්ය.

ජල මට්ටම මෙසේ ක්‍රමයෙන් පහල බැස්සද මෙම ජලාශයේ මේ වන විට පවතින ජලය ජල විදුලිය නිපදවිමට බාධාවක් නොවන බවත් මෙහි ජලය ජල විදුලිය නිපදවීම සදහා උපරිම ලෙස ලබා දීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.