27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගැබිනි මවුවරුන් හා ළදරුවන්ට හිරු එළියෙන් ආරක්ෂා වෙන්න

ගැබිනි මවුවරුන් හා ළදරුවන්ට හිරු එළියෙන් ආරක්ෂා වෙන්න

ගැබිනි මව්වරුන්ට මේ දිනවල දැඩි හිරු එළියට නිරාවරණය නොවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය අවවාද කරයි.

එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ දැඩි පෑවිල්ල ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා සංකූලතා ඇතිවීමට ප්‍රබල බලපෑමක් වනු ඇති බවයි.

එමෙන්ම දැඩි පෑවිල්ල පවතින සියලුම දිස්ත්‍රික්කවල ගැබිනි මව්වරුන්, ළදරුවන්, දරුවන් හිරු එළියෙන් ආරක්ෂාවීමට පියවර ගත යුතු බවත් විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන් හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත් ඇය අවධාරණය කළාය.

දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් නිතරම ඇති වන පිපාසයට රස කළ බීම හැර පිරිසුදු ජලය සහ දොඩම් තැඹිලි කුරුම්බා වැනි දියර පානය වැඩි වශයෙන් ගැනීමට උනන්දු වන ලෙසත් වියළි සුළඟද සමගින් සිරුරේ තෙතමනය සීග්‍රයෙන් පහළ යාමෙන් විජලනය සමග හෝ විවිධ සංකූලතා ආසාත්මිකතා ඇතිවීමේ අවදානමක් හට ගන්නා බවත් ඇය පැවසුවාය.