― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsදියණිය අඹුකමට ගත් පියාට වසර 20ක සිර දඬුවමක්

දියණිය අඹුකමට ගත් පියාට වසර 20ක සිර දඬුවමක්

15 හැවිරිදි සිය දියණියට බරපතළ ලිංගික අපචාර කළ බවට වරදකරු වූ පියෙකුට බරපතළ වැඩ සහිත වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවමක්ද, ඊට අමතරව රුපියල් හතළිස් දහසක දඩ මුදලක් සහ අතවරයට ලක් වූ දියණියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙස බලපිටිය මහාධිකරණය ඊයේ (08) නියම කළේය.

මෙලෙස දඬුවම් ලැබුවේ පිටිගල පොලිස් වසමට අයත් පොරවගම යොන්ගලවත්ත පදිංචිව සිටි රණේපුර හේවගේ සුසන්ත නමැති අයෙකි.

2013 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළදී කිහිප වතාවක්ම මෙම දැරිය අතවරයට ලක් වී තිබෙනුයේ මව විදේශගත වී සිටියදී පියාගේ රැකවරණය යටතේ ජීවත්ව සිටියදීය. අතවරයට ලක්වන දින උදේ මෙම දැරිය පෙරදින රාත්‍රියේ පිසින ලද පිළුණු වූ පරිප්පු ආහාරයට ගෙන ඇති අතර මේ නිසා සවස වමනය කර ඇත. බීමත්ව සිටි පියාට මේ බව කියද්දී එය පිළිනොගෙන කිසියම් අයකුගෙන් අතවර වෙන්න ඇතැයි කියා පරීක්ෂා කර බැලීමට යැයි කියමින් බරපතල ලිංගික අතවර කර තිබේ.

කිහිප වතාවක්ම මෙසේ අතවරයට ලක් වෙද්දී ඇය අසල්වැසි ඥාතියෙකුට මේ පැවසීමෙන් පසු පිටිගල පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ අනුව වැරදිකරු වූ පියාට චෝදනා දෙකක් යටතේ එක චෝදනාවකට වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවම් නියම කෙරිණි.