― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාසල් සිසුන්ට දැන් ජනාධිපති කාර්යාලය නැරඹීමේ අවස්ථාව

පාසල් සිසුන්ට දැන් ජනාධිපති කාර්යාලය නැරඹීමේ අවස්ථාව

දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුර ලබා දෙමින්.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය
නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව තිබේ.

එහිදී ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයා සමග සුහද හමුවකට ද එක් වූ අතර ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ ජනාධිපතිවරයා එහිදී සිසුවියන් වෙත පැහැදිලි කළේය.

පාසල් සිසු දරුවන් වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස මෙලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඊයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටි අතර ඔවුනට නව ඇත්දැකීම් රැසක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.