― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෙම්වතා සමඟ උරණ වූ පෙම්වතිය දුම්රියට බිලි

පෙම්වතා සමඟ උරණ වූ පෙම්වතිය දුම්රියට බිලි

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙලෙස දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි කනපති අනුෂා දර්ශනි නැමැති 28 හැවිරිදි තරුණියකි.

මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන බවත්, වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් අද (09) දින උදෑසන සේවා ස්ථානය වෙත පැමිණි තරුණිය තමන් හමුවීමට පෙම්වතාට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දී තිබේ.

පෙම්වතා විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා එයට උරණ වූ පෙම්වතිය දුම්රියට පැන සිය දිවි හානි කර ගන්නා බවට පෙම්වතාට පවසා බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ශනයේදි අනාවරණය වී ඇත්තේ.

දුම්රියට පැන සියදිවි හානි කරගත් තරුණියගේ සිරුර පෙම්වතා විසින් හදුනාගෙන ඇති අතර සිරුර පශ්චාර මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බවයි හැටන් පොලිසිය කියා සිටියේ.