― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමයි

මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමයි

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අගෝස්තු මස 16 වැනිදා ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08) වන දින පැවති රැස්වීමේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම මඟින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමටයි අපේක්ෂා කෙරෙන්නේ. එමඟින් වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහ ප්‍රසාරණය කිරීමටත් හැකි වනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම අපේක්ෂා කරන අතර මහ බැංකුව විසින් වෙළඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරමින්, අවශ්‍ය වුවහොත් වෙළඳපොළ ණය අනුපාතික අඩු වීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ගද ගනු ලබන බවයි මහ බැංකුව සඳහන් කළේ.