29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ කුරුණෑගල නගරය ආවරණය වන පරිදි දෙදින ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවය ලබන සෙනසුරාදා (12) සහ ඉරිදා (13) පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී යි පැවැත්වෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), වයඹ පළාත් කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධාන කර තිබෙනවා.

සැලසුම් කර ඇති ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවය තුළදී සේවාවන් කිහිපයක් ජනතාවට පිරිනැමීමට නියමිතයි.

ලියාපදිංචි සහතිකයේ සංශා්ධන සිදු කිරීම, රාජ්‍ය නිලධාරීන්ට ලබාදුන් යතුරුපැදිවල කොන්දේසි ඉවත් කර ඒවා අදාළ නිලධාරීන්ට පවරා දීම, රියදුරු බලපත්‍ර අයදුම්පත්‍ර භාර ගැනීම, සියලුම වාහන සඳහා පැවරුම් සහතික ලබා ගැනීම, වාහන පරීක්ෂා කර බර සහතිකය හෝ අනන්‍යතා සහතිකය ලබාදීම, සිලින්ඩර ධාරිතාව 50ට අඩු ලියාපදිංචි නොකළ යතුරුපැදි ලියාපදිංචිය, සාක්ෂරතාවය අඩු පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට විශේෂ විභාග පැවැත්වීම ඇතුලු සේවා රැසක් මෙහිදී ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අතරමැදියන්ට හසු නොවී තම දෙපාර්තමේන්තුවෙන් ඉටු විය යුතු සේවාවන් එදිනට පහසුවෙන් ලබා ගත හැකි බවයි.