― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරටේ අභිවෘද්ධියට ගැලපෙන ආකාරයට 13 ක්‍රියාත්මක කළ යුතුයි

රටේ අභිවෘද්ධියට ගැලපෙන ආකාරයට 13 ක්‍රියාත්මක කළ යුතුයි

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.

අවුරුදු 37ක් තිස්සේ පළාත් සභා ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වුවද 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන පිළිවෙළ ගැන ගැටලු ගණනාවක් ඇති බවත් එමෙන්ම පළාත් සභා පිළිබඳවත් ගැටලු ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

රටක් ලෙස ඉදිරියට යාමට නම් අප මේ ගැටලු නිරාකරණය කර ගත යුතු බවත් විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැර විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය.