27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්ගේ තවත් නඩුවකට දින නියම වෙයි

විමල්ගේ තවත් නඩුවකට දින නියම වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි තිබූ තවත් නඩුවක් ලබන ඔක්තෝබර් 27 වනදා යළි කැදවීමට නියම කෙරුණි.

එහිදී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය ගොනුකර ඇති මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙසට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඔක්තෝබර් 27 වනදා ඉදිරිපත් කරන ලෙසට විත්ති පාර්ශ්වයට නියම කළා.