27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅග්බෝගේ තත්ත්වය නරක අතට හැරෙනවා - පවිත්‍රා

අග්බෝගේ තත්ත්වය නරක අතට හැරෙනවා – පවිත්‍රා

අග්බෝ අලියාගේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

වෙඩි වැදීමෙන් පෙළෙන අග්බෝ සුව කිරීමට අපි උපරිමයෙන් කටයුතු කරනවා. අලියාට ප්‍රතිකාර කරන විශේෂ පශු වෛද්‍යවරයාට රුපියල් 50,000 ක අත්තිකාරමක් ලබා දී තිබෙනවා. අලියාට ප්‍රතිකාර කිරීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට අපි සූදානම්. අලියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා විදේශ ආධාර අවශ්‍ය වෙන්නේ නැහැ. ඇතැම් පිරිස් අග්බෝ හස්තියාගේ නම කියමින් මුදල් එකතු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ දූෂණවල නිරත වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අග්බෝ සඳහා අරමුදල් රැස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැහැ