31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා සඳහා තවත් ශ්‍රමිකයන් පිරිසක් පිටත්ව යයි -...

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා සඳහා තවත් ශ්‍රමිකයන් පිරිසක් පිටත්ව යයි – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා සඳහා පිටත් කර යැවූ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව මේ වන විට පන්සියය ඉක්මවා ගොස් තිබෙන බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. අද දිනයේදී ඊශ්‍රායලයේ සාත්තුසේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් 25 දෙනෙක් සදහා ගුවන් ටිකට්පත් ලබා දී තිබෙන අතර ඒ සමගින් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 505කි.

ඒ අතරින් මේ වසර තුළදී පමණක් යැවූ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 266 ක්. සාත්තුසේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බඳවාගැනීම් හා පුහුණු) සෙනරත් යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිහ.