― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalජනපතිගේ ප්‍රකාශය පාර්ලිමේන්තුව නොමග යවනවා - උදය

ජනපතිගේ ප්‍රකාශය පාර්ලිමේන්තුව නොමග යවනවා – උදය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (09) සිදු කළ විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව නොමග යවා 13 ඉක්මවූ බලය ‌බෙදීමකට සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල චෝදනා කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (10) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

“ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව රැවටීමේ නොමග යැවීමේ උත්සහයක නිරත වුණා. එතුමා කිව්වේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඉදිරියේ දී පනත් ගණනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ අඩංගු සමගාමි ලැයිස්තුව අවලංගු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න අළුතෙන් පනත් ඕනෑ නෑ. ඒක වසර 36කට කලින් සම්මත වෙලා ඉවරයි.

එහෙම නම් මේ හදන්නේ 13 ඉක්මවා බලය බෙදීමක් කරන්න. 13 තිබෙන සමගාමි ලැයිස්තුව අහෝසි කිරීමත් 13 ඉක්මවා බලය බෙදීමක් මිස 13 ක්‍රියාත්මක කිරීමක් නොවේ. පොහොට්ටුවේ උදවියත් මහින්ද මහත්තයත් 13 ඉක්මවා බලය බෙදන බව කිව්වා කියමින් ඒකට උඩ ගෙඩි දෙනවා. මතක තියා ගන්න මහින්ද මහත්තයා 13 ඉක්මවා බලය බෙදනවා කියා කිසිම මැතිවරණ ප්‍රකාශනයක සඳහන් කරලා ජනවරමක් අරගෙන නෑ. 2012 ජනවාරි 17දා තමන්ට එහෙම පොරොන්දුවක් දුන්නා කියලා ඉන්දියාවේ විදේශ ඇමති එස් එම් ක්‍රිෂ්ණන් ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.

නමුත් ජනවාරි 30 දා මාධ්‍ය ප්‍රධානින් සමග කරපු සාකච්ඡාවේ දී තමන් එහෙම පොරොන්දු වුණේ නෑ කියා මහින්ද ජනාධිපතිතුමා කිව්වා. තමන් පොරොන්දුවක් නොදුන්නත් සාකච්ඡාවක් කළා. 13 ඉක්මවා බලය බෙදීමක් ලෙස අදහස් කලේ දෙවන මන්ත්‍රණ සභාවක් පිහිටුවීම පමණයි කියා සඳහන් කළා. ඒ වගේම ඒ ප්‍රකාශයෙන් පස්සේ පැවැති ජනපතිවරණයේ දී මහින්ද මහත්තයාව ජනතාව ප්‍රතික්ෂේප කළ බවත් අමතක කරන්න එපා. ව්‍යවස්ථාවේ තිබෙන නිසා 13 ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිතුමා පවසනවා. ඕක අවුරුදු 36ක් පුරා ව්‍යවස්ථාවේ තිබෙන බව හිටපු ජනාධිපතිවරු හත්දෙනාම දැක්කා. නමුත් ක්‍රියාත්මක කරන්න නොගියේ ඒක දැනට ක්‍රියාත්මක කරලා තිබෙන මට්ටමට ඔබ්බෙන් ක්‍රියාත්මක කලොත් මහ ව්‍යසනයක් වන බව දන්නා නිසා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කලින් හිටපු ජනපතිවරුන් හත්දෙනාගෙන් හයදෙනෙකුගේම ඇමති මණ්ඩලවල හිටියා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කැබිනට් ඇමති. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සභානායක. විජේතුංග, චන්ද්‍රිකා, මෛත්‍රිපාල සහ ගෝඨාභය යන ජනාධිපතිවරුන්ගේ අගමැති. මහින්ද ජනාධිපතිතුමාගේ විතරයි ඇමති මණ්ඩලයේ හිටියේ නැත්තේ. මේ කාලවලදී 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලා නෑ කියලා දැක්කේ නැද්ද? හදිසියේ මේක දැක්කේ ජනපතිවරණය සිහිපත් වෙලා ද කියන සාධාරණ ප්‍රශ්නය අපි මතු කරනවා. පාර්ලිමේන්තුවෙන් මෙතුමා ජනාධිපති කලේ ලක්ෂ 69 ජනවරමක් ලැබුණු ගෝඨාභය ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්ම කරනන මිස ජනතාව සිව් වරක්ම ප්‍රතික්ෂේප කළ රනිල් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න නොවේ.

සෞභාග්‍ය දැක්මේ තිබෙන්නේ රටට නොගැලපෙන වත්මන් ව්‍යවස්ථාව අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරනවා කියලා. අන්න ඒකට රොමේෂ් ද සිල්වා කමිටුව විසින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්න කටයුතු කරන්න කියා අපි එතුමාගෙන් ඉල්ලනවා. එහෙම නැතිව ඇති ප්‍රශ්න නැති කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියා අපි ඉල්ලනවා.”