― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිල්රුක්ෂි ඩයස් නිදොස් කොට නිදහස්

දිල්රුක්ෂි ඩයස් නිදොස් කොට නිදහස්

වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2019 වසරේදී හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ 2019 සැප්තැම්බර් මස 24 වැනිදා සිට තාවකාලිකව ඇයගේ වැඩ තහනමට ලක් කළේය.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතර සිදු වූ බවට සඳහන් දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක් බව මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබූ වාර්තා පදනම් කරගනිමිනුයි අධ්‍යක්ෂ ජනරාල්වරිය නිදහස් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය විශ්‍රාම ගෙන සිටින අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමග ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමි වීමට නියමිතය.