31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවාඩුවට ඇවිත් ගෙවල් බින්ද යුද හමුදා සෙබළා අත්අඩංගුවට

නිවාඩුවට ඇවිත් ගෙවල් බින්ද යුද හමුදා සෙබළා අත්අඩංගුවට

නිවාඩුවට පැමිණ ගෙවල් බින්ද බව කියන යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ආමි මල්ලී නමින් හදුන්වන 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළේ.

සැකකරු බූස්ස යුධ හමුදා කඳවුරේ රාජකාරි කළ අයෙක් බවත් නිවාඩු අවසන්ව නියමිත දිනට සේවයට වාර්තා කර නොමැති බවත් සදහන් වේ.

කළුතර, දූව පන්සල පාරේ නිවාස සොරකමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ සීසීටීවි කැමරා පරීක්ෂා කිරීමෙන් පසු, ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක් ගමන් මල්ලක බහා අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී කළුතර දකුණ පොලිසිය ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ලැප්ටොප් පරිඝණක දෙකක්, ජංගම දුරකථනයක්, හෙයාර් ස්ට්‍රේට් මැෂිමක්, පෙන්ඩ්‍රයිව් දෙකක් ඇතුළු භාණ්ඩ සොයාගත් බවත් තවත් භාණ්ඩ රැසක් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.