31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportපාපන්දු නිලවරණය සැප්තැම්බර් 16 වැනිදා

පාපන්දු නිලවරණය සැප්තැම්බර් 16 වැනිදා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධව පාර්ශව කිහිපයක් අභියාචනාධිකරණයේදී ගොනු කරනු ලැබූ නඩු දෙකක් සියළු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සමථයකට පත්කෙරිණි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා පාපන්දුවේ සහ රටෙහි යහපත උදෙසා කරුණු සලකා බලා සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරගෙන යාමට අනුමැතිය ලබාදෙන ලදි.

මේ සමගම මාස 11ක් වැනි කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකා පාපන්දුව යථා තත්වයට පත්වීමට සහ සියළු පාර්ශවයන්ට බාධාවකින් තොරව නිලවරණයකට ඉදිරිපත් වීමට මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.

එලඹෙන සැප්තැම්බර් 16 වැනිදා ශ්‍රීලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී තිබෙන අතර එයට අදාල කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතී. මෙම නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට අවකාශය ලැබේ.

මෙම නඩුවට අදාල පාර්ශවයන් සියළු දෙනා ක්‍රීඩා ඇමතිතුමන්ට සහ මෙය සමථයකට පත් කිරීමට මැදිහත්වූ සියළු පාර්ශවයන්ට ශ්‍රී ලංකා පාපන්දු ලෝලීන් තමන්ගේ ස්තූතිය පුදකරයි.