25.6 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික තරහකට පවුල් 4ක් වතුර බොන ළිඳට සර්පයෙක් මරලා දාලා

පෞද්ගලික තරහකට පවුල් 4ක් වතුර බොන ළිඳට සර්පයෙක් මරලා දාලා

මොණරාගල මැදගම ප්‍රදේශයේ පවුල් හතරක් පානයට ජලය ලබා ගන්නා ළිඳකට සර්පයෙක් මරා දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ පෞද්ගලික අමනාපයක් හේතුවෙන් කිසියම් අයෙකු මෙම ක්‍රියාව සිදු කර ඇති බවටයි.

ළිඳ තුලින් පැමිණි දුර්ගන්ධයක් හේතුවෙන් එහි ජලය හිස් කර බැලීමේ දී මියගිය සර්පයෙකු සහිත බෑගය හමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සහ මැදගම පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේ.