23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාලවයස්කාර දැරියක් අඹුකමට ගත් තරුණයා සොයා විමර්ශන

බාලවයස්කාර දැරියක් අඹුකමට ගත් තරුණයා සොයා විමර්ශන

වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක් සමඟ වසරක පමණ කාලයක් අඹුසැමි ඇසුරක් පවත්වා ගෙන ගිය තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසයි.

සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත. බාල වයස්කාර තම දියණිය තරුණයෙකු සමඟ විවාහ වීමට සූදානම් වන බවට වන පැමිණිල්ලක් කාන්තාවක් විසින් මදුරන්කුලිය පොලීසියට සිදු කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය පැමිණිළිකාර කාන්තාවගේ දියණියව කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

දැරිය එහිදී පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා වසරක පමණ කාලයක් සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත් එය අඹුසැමි ඇසුරක් දක්වා දුරදිග ගිය සම්බන්ධයක් බවත්ය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.

මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.