― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහජන ආරක්ෂක ඇමති TNA මන්ත්‍රීවරු හමුවෙයි

මහජන ආරක්ෂක ඇමති TNA මන්ත්‍රීවරු හමුවෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර අද (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව එහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

එම සාකච්ඡාවේදී අමාත්‍ය ටිරාන් අලස් පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතූන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔවුන් ලෝකයේ අනෙකුත් රටවල් උදාහරණයට ගනිමින් බලය බෙදීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන් සමග පොලිස් බලතල නොබෙදා එම ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සභාපතිත්වයෙන් අදාළ විශේෂ පොලිස් කමිටුව ක්‍රියාත්මක කර ඇති බවත් ඕනෑම අවස්ථාවක ඊට අදාළ තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හැකි බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි දෙසතියකින් මීළඟ සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.