― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමහ බැංකුවේ තීරණයක් නිසා වෙළඳපොළට කෝටි 20,000ක්

මහ බැංකුවේ තීරණයක් නිසා වෙළඳපොළට කෝටි 20,000ක්

වාණිජ බැංකු තමන් සතු තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය අගෝස්තු 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

මේ තීරණයත් සමග දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රු. කෝටි විසිදහසක මුදල් ප්‍රමාණයක් මුදාහැරීමට අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි.

මහ බැංකු මුදල් මණ්ඩලයේ පෙරේදා (08) දින පැවැති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත. මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව (මුදල්) සැපයීම සහ වෙළෙඳපොළ මුදල් (ද්‍රවශීලතා) හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මේ තීරණය ගත් බවද මහ බැංකුව කියයි.මේ තීරණය නිසා වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රමාණය වැඩි කිරීමටත් හැකිවනු ඇති බවද මහ බැංකුව කියයි.

මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන්ට ලබාදීමට අපේක්‍ෂා කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.