26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ප්‍රථම අර්තාපල් තීරු කර්මාන්තශාලාව හෙට වැඩ අරඹයි

මෙරට ප්‍රථම අර්තාපල් තීරු කර්මාන්තශාලාව හෙට වැඩ අරඹයි

බණ්ඩාරවෙල, කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරන ලද මෙරට පළමු අර්තාපල් තීරු නිෂ්පාදන කර්මාන්තශාලාව හෙට (11) විවෘත කිරීමට නියමිතය.

අර්තාපල් තීරු ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කරන රුපියල් මිලියන 3500 ක මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම කර්මාන්තශාලාව ආරම්භ කර තිබේ.

මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන (SAPP) පහසුකම් සපයා ඇත.

මෙම කර්මාන්තශාලාව ඉදිකර අවසන් කිරීම සඳහා රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැය කර ඇති අතර අර්තාපල් තීරු නිෂ්පාදනය කරන මෙරට පළමු කර්මාන්තශාලාව මෙයයි.

මෙම කර්මාන්තශාලාවේ අර්තාපල් තීරු නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතය.